FAST NEWS

24×7 Around the Globe

සංඥාවක් ආවේ විශ්වයේ බුද්ධිමත් ජීව විශේෂයකින්ද..!

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 11ක් ඈතින් පිහිටි කුඩා තාරකාවක් වෙතින් පැමිණි හඳුනා නොගත් ගුවන් විදුලි සංඥාවක් පිළිබදව තාරකා විද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබේ.

දකුණු ඇමරිකාවේ පුවටො – රීකෝ හි පිහිටි දැවැන්ත රේඩියෝ දුරේක්ෂයක් මගින් මෙම සංඥාව ග්‍රහණය කර ඇති බව සඳහන්ය.

සංඥාව පැමිණි රොස් 128 ලෙස නම් කෙරුණු තාරකාව අප සූර්යයාගේ ආලෝකය මෙන් 2800 ගුණයකින් අඩු ආලෝකයක් සහිත වන අතර, එය වටා ග්‍රහලෝක පවතින බවක් මෙතෙක් සොයාගෙන නොමැති බව පැවසේ.

කෙසේ නමුත්, මෙම සංඥාව පරීක්ෂාවට ලක් කරන තාරකා ජීව විද්‍යාඥයන් පවසන්නේ එය විශ්වයේ බුද්ධිමත් ජීව විශේෂයකින් නිකුත් කළේ ද යන්න බැහැර කළ නොහැකි බවයි.