FAST NEWS

24×7 Around the Globe

“මහින්ද දී තිබූ සහන සියල්ල මේ පනතින් නැති කරන්න යනවා..”

වැඩි කාලයක් නොගොස් හුස්ම ගැනීමට පවා බද්දක් පැනවීමට ඉඩ ඇති බවත් රටට හරි නායකත්වයක් නොමැති බවත් ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ ප්‍රකාශයක් කරන ලදි.

උන්වහන්සේ එසේ පැවැසූවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා  සිරිවිමල හිමියන් බැහැදැකීමට එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදීය.

හැකියාවක් සැලැස්මක් හා රටක් කරන්නට තරම් අවබෝධයක් නොමැති කමින් වත්මන් රජයේ නායකයන් පිස්සු නටන බවත් මේ නිසා මැති ඇමැතිවරුන් දැන් අන්ද මන්ද වී ඇති බවත් උන්වහන්සේ සඳහන් කරන ලදි.

නාහිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා,

“මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ව සිටින කාලයේ දේශීය ආදයම් පනතෙන් පන්සල්, පල්ලි, කෝවිල් වැනි පුණ්‍ය ආයතන වලටත් කෘෂිකර්මාන්තයේ ගොවීන්ටත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට, අපනයනකරුවන්ට සහනාධාර ලබන අයට හා අර්ථ සාධක ලබන අයට ලබාදී තිබූ බදු සහන සියල්ල මේ රජය  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යන නව දේශීය ආදායම් පනතින් නැති කරන්න යනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙනා පනතෙන් මේ රටේ ආගම, කලාව, සංස්කෘතිය, ආර්ථිකයේ විවිධ ස්ථානවලට ලබාදී තිබූ විශේෂ සහන ඒ සියල්ල ඉවත් කර තමා මේ පනත ගේන්න හදන්නෙ.

අපි සියලු මහනායක හාමුදුරුවන්ට මේ බව දැන්වීමෙන් අනතුරුව කතිකාවතක් ඇති කරගන්න ‍ඕන අලුතින් දේවල් නෙමේ පසුගිය පනතෙන් ආගම, කලාව, සංස්කෘතිය, ආර්ථිකයට ලබාදී තිබූ සහන සියල්ල තියල මේ පනත සම්මත කර ගන්න ඕනේ.”