FAST NEWS

24×7 Around the Globe

“සාරංගගේ හිතේ එහෙම දෙයක් තියෙනවා නම් මුලින්ම දැනගන්න ඕන මම..”

සාරංග, උමාලි, ධනුක අතර පසුගිය දිනවල ඇවිළී ගිය පෙම් හුටපටය ගැන කළ විමසීමකදී දිනක්ෂි ප්‍රියසාද් මෙසේ පැවැසීය.

“කවුරු මොනවා කිව්වත් සාරංග තවම මට නම් මුකුත් කියලා නැහැ. අනික එයාගේ හිතේ එහෙම දෙයක් තියෙනවා නම් මුලින්ම දැනගන්න ඕන මමනේ. අවුරුදු ගාණක් තිස්සේ අපි හොඳ යාළුවෝ. එච්චරයි.

එහෙම තීරණයක් ගන්න වුණොත් ඒක මගේ පුද්ගලික තීරණයක්. මම පුද්ගලික ජීවිතේ ගැන අනාගතයේදී ගන්න තීරණ මොන වගේද කියලා දැන්ම කියන්න බැහැනේ. අනික මම කොහොම තීරණයක් ගත්තත් ඒක මගේ පුද්ගලිකත්වයනේ. වෘත්තීය වෙනයි, පුද්ගලික ජීවිතේ වෙනයි.”