FAST NEWS

24×7 Around the Globe

කටාර් සේවකයින් ආයෙත් අතරමං..

සෞදි අරාබියේ සේවය කළ කටාර් සමාගම්වල හිමිකරුවන් එරටින් පිටුවහල් කිරීම නිසා ඔවුන් යටතේ සේවය කළ ඉන්දියන් , නේපාල, බංග්ලාදේශ හා පකිස්ථාන් සේවකයන් අතරමං වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ නිසා ඔවුන්ට නවාතැන් පමණක් නොව වැටුපද ලැබී නොමැති බව සදහන්ය.

මිට අමතරව එම සේවකයන්ට කටාර් වෙත යාමද තහනම් කර ඇති අතර සෞදි අරාබිය කටාර් රජයෙන් පලිගැනීම සඳහා එරට සිටි ඔටුවන් සහ ගොපල්ලන් 12000 ක් ද රටින් පිටුවහල් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

පසුගිය මස 5 වනදා කටාරය අන්තවාදී කණ්ඩායම්වලට සහය දක්වන බවට චෝදනා කරමින් සෞදි අරාබිය / එක්සත් අරාබි එමීර් රාජ්‍යය / ඊජිප්තුව සහ බහරේනය කටාරය සමග පවත්වන සම්බන්ධතා අත්හිටුවන බවට නිවේදනය කරන ලදි.