FAST NEWS

24×7 Around the Globe

රංජන් ඉන්නෙත් කුඩ්ඩොත් එක්ක බවට සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්.

රංජන් රාමනායක මහතා ද සිටින්නේ කුඩුකාරයින් සමග බව ඔහු සිදු කළ ප්‍රකාශයෙන් ඔහු පිළිගෙන ඇතැයි විශ්වාස කිරීමට සිදුවන බව සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

සදාචාර විරෝධී වැඩ නොකරපු උගතතුන් අපේක්ෂකයින් ලෙස පත් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුුණ පමණක් යැයි රංජන් රාමනායක මහතා එහිදී පවසා තිබූ බවත් ජවිපෙ පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවා.

මෙවර මහමැතිවරණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ ජනරැළියක් බදුල්ල රිදීමාලියද්ද ප‍්‍රදේශයේදී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ ඌව පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා වැඩි දුරටත් පැවසුවේ උත්තරීතර බව කියන පාර්ලිමේන්තුව මේ වන විට අපරාධකරුවන්ගේ නවාතැනක් වී ඇති බවයි.

අපරාධ චෝදනා නොමැති සුදුසුකම්ලත් පුද්ගලයින් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් කර තිබෙන එකම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවද සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට තිබිය යුතු සුදුසුකම් මොනවාදැයි ඉදිරියේදී හෝ නිර්ණායක සමූහයක් හඳුන්වා දිය යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.