FAST NEWS

24×7 Around the Globe

සරාගි දර්ශන ෂාරුක්ගේ නවතම චිත්‍රපටය නවතා දමයි.. (වීඩියෝ)

බොලිවුඩයේ “කිං ඛාන්” හෙවත් ෂාරුක් ඛාන් පෙනි සිටින ඔහුගේ නවතම චිත්‍රපටය වන “ජබ් හැරී මිට් සේජල්” චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු මේ වනවිට තාවකාලිව නවතා දමා තිබෙන බව සඳහන් වෙයි.

එයට හේතුව වී ඇත්තේ මෙම චිත්‍රපටයේ ෂාරුක් හා අනුෂ්කා ෂර්මා පෙනි සිටින සරාගි දර්ශන කිහිපයක් ඇතුලත් ප්‍රචාරක පටයක් මේ වන විට නිකුත් කර තිබීමයි.

වැඩිහිටියන්ට වඩාත් සුදුසු අන්දමේ දර්ශන කිහිපයක් මෙහි ඇතුලත්ව තිබෙන නිසාවෙන් ඉන්දීය චිත්‍රපට පාලක මණ්ඩලය විසින් එහි දර්ශන සංශෝධනය කළ යුතු බවට චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායමට දන්වා තිබේ.

ඒ අනුව මේ වනවිට මෙහි ඇති සරාගි දර්ශන කිහිපයක් අඩු කිරීමට සූදානම් කර ඇති අතර, ඒ නිසා “ජබ් හැරී මිට් සේජල්” චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු මේ වනවිට තාවකාලිව අත්හිටුවා ඇති බව සඳහන් වෙයි.

වීඩියෝව පහතින්..