තමන් හැදු වැඩූ සුරතලා මිය ගිය පසු ඒ වෙනුවෙන් අවමංගල්‍යක් කල තරුණයෙකු පිළිබදව සමාජජාලා මාධ්‍ය වල පලව තිබුනි.
මිෂෙල් නැමැති සුනඛයා තමන් හා වසර හතකට ආසන්න කලක් ජීවත් වූ බවත් මිය ගිය මිෂෙල්ට පාංශුකූලය පිංකමක් සුදානම් කොට අවසන් කටයුතු සිදු කරන බවත් ඔහු එහි සදහන් කර තිබේ.
අමිත් සුදුසිංහ නම් එම තරුණයා තැබු සම්පූර්ණ සටහන පහතින්..
” මිෂෙල්ව මම ගෙනාවේ මම ඒ ලෙවල් කරන කාලේ. එතකොට මිෂෙල්ට වයස මාස 2 යි. හැමදාම මගේ කාමරේ මගේ ඇද ලග තමයි ඉන්නේ. මනුස්සයෙක්ගෙ වගේ ගති පැවතුම් තිබුනේ මිෂෙල්ට. අවුරුදු 7 ලබන්නේ මේ නොවැම්බර් 20 ට. ඒත් එකපාරම කිසිම කෑමක් කන්නේ නැති උනා. බ්ලඩ් ටෙස්ට් කරලා බලද්දි කිඩ්නි දෙකම ඩැමේජ් වෙලා. ඒකට කිසිම බෙහෙතක් නෑ. දවස් තුනක් විතර විදෙව්වා , වමනේ දැම්මා. මම මගේ අත් දෙකෙන්මයි කැත කුණු හැමදේම අයින් කලේ. කවදාවත් දම්වැල් දාලා හැදුවේ නෑ මිෂෙල්ව එයා නිදහසේමයි හිටියේ කුඩු කලේ නෑ. ජීවත් වෙලා ඉද්දිත් ලෙඩ උනාට පස්සෙත් මිෂෙල්ට මනුස්සයෙක්ට වගේම අපි සැලකුවා.
අවසන් කටයුතුත් ඒ ආකාරයටමකරනවා අද හවස පාංශකූලයක් පූජා කරලා. මිෂෙල් අපිව දාලා ගිය එක ඉවසගන්න පුලුවන් දුකක් නෙවෙයි, ඒත් එයා ගොඩක් වාසනාවන්ත ජීවිතයක් ගතකලා. මගේ එකම පැතුම මිෂෙල් මගේ දරුවෙක් වෙලා මගේ ලගට එන්න කියන එක”
මියගිය මිෂෙල් ගේ ඡායාරූප පහතින්..












