කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය මේ මස 24 දා සිට ආරම්භ වෙයි.
මෙවර කතරගම දේවාලයට එන බැතිමතුන්ට පොලිතින් ගෙන ඒම තහනම් බවත් වැරදීමකින් හෝ පොලිතින් ගෙන එන අය කතරගමට එන පිවිසුම් මාර්ගවල මාර්ග බාධක යොදමින් ඉවත් කරන බවත් කතරගම ප්‍රදේශයේ ඩෙංගු අවදානම ඉවත් කර ඇති බවත් මොනරාගල දිස්ත්‍රික් භාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය පාලිත අධිකාරී මහතා පවසයි.
මොනරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ 3 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.









