FAST NEWS

24×7 Around the Globe

අධිවේගයේ නටපු රංගන ශිල්පිනී මේනකාට වෙච්ච දෙයක්.. (වීඩියෝ)

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේදී රිය පදවන අතරතුර සුක්‌කානම අතහැර නර්තනයක යෙදෙමින් රිය ධාවනය කළ ජනප්‍රිය රංගන ශිල්පිනී මේනකා මධුවන්ති මහත්මියට බණ්‌ඩාරගම සංචාරක මහෙස්‌ත්‍රාත් අධිකරණය ඊයේ (04) රුපියල් 5000 ක දඩයක්‌ නියම කළේය.

රංගන ශිල්පිනී මේනකා මධුවන්ති මහත්මිය දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අයුරු දැක්‌වෙන වීඩියෝ පටයක්‌ අන්තර්ජාලයට එක්‌කර තිබූ අතර ඒ පිළිබඳව කිසියම් අයකු විසින් ‘ජනපතිට කියන්න’ දුරකථන අංකයට කළ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ අධිවේගී මාර්ග බලධාරීන් කළ පරීක්‍ෂණයකින් අනතුරුව ඇයට එරෙහිව මෙම අධිකරණ ක්‍රියාමාර්ගය ගෙන තිබිණි.

එම වීඩියෝව පහතින්..