FAST NEWS

24×7 Around the Globe

ගැහැනු ළමයින්ගේ පුටුවල ගම් වර්ගයක් ගෑ සිසුවා ගෙල වැලලාගෙන..

වයස අවුරුදු 13ක පාසල් සිසුවකු සිය නිවෙස තුළම ගෙල වැලලාගෙන පෙරේදා (03) රාත‍්‍රියේදී මිය ගොස් ඇතැයි පූඩළුඔය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පූඩළුඔය ප‍්‍රදේශයේ පාසලක නවවන වසරේ ඉගෙනුම ලබන පුඩළුඔය, කඩදොර පිටිය පදිංචි අයෙකි.

පාසලේ ගැහැනු ළමයින්ගේ පුටුවල ගම් වර්ගයක් ගෑම සම්බන්ධයෙන් දෙමාපියන් පාසලට කැදවාගෙන එන ලෙස විදුහලෙන් මෙම සිසුවා ඇතුළු ළමුන් කීපදෙනකුට පවසා ඇති බවත් එම හේතුවට සිසුවා මෙසේ ගෙල වැලලා ගැනීමට ඇතැයි සැක කෙරේ.

මියගිය සිසුවාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (04) නාවලපිටිය මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතව පැවැතිණි.

මෙම සිද්ධිය පිළිබදව පූඩළුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.