FAST NEWS

24×7 Around the Globe

දඹුල්ලේ එළවළු මිල ගණන් සීයයට 20-30 කින් පහළට..

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් සීයයට 20-30 අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයි එහි වෙළෙන්දො ප්‍රකාශ කරති.

පසුගිය සති කීපයකට පෙර වෙළෙඳපොළට ලැබුණු එළවළු තොග ප්‍රමාණය අඩුවීම නිසා ඉහළ ගොස් තිබූ එළවළු වර්ග රැසක මිල ගණන් මෙසේ අඩුවී ඇත.

නුවරඑළිය පුත්තලම, අනුරාධපුර, මාතලේ, මහනුවර වැනි ගොවි කලාපවලින් වෙළෙඳපොළට ලැබෙන එළවළු ප්‍රමාණය වැඩි වීමත් සමඟ එළවළු මිල පහළ ගොස් ඇති අතර වට්ටක්කා කිලෝවක් සඳහා වාර්තාගත ඉහළ තොග මිලක් මේ දිනවල ලැබෙමින් පවතින අතර කිලෝවක තොග මිල රුපියල් 100-120 අතර මිල මට්ටමක පැවැතිනි.

දඹුල්ලේ කිලෝවක සිල්ලර මිල රුපියල් 160-170 අතර පැවැතිනි.