FAST NEWS

24×7 Around the Globe

අවසන් කොටි බේරා ගැනිමේ ඇමෙරිකාවේ රහස් සැලසුම හෙළි වෙයි..

වන්නි මෙහෙයුමේ අවසාන අදියරේදී ඉන්දියාවේ සහායෙන් කොටි බේරා ගැනීමේ රහස්‌ සැලසුමක්‌ දියත් කළ බව මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ මහතා පිළිගෙන ඇත.

ඇමරිකාවේ පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහය ඉල්ලා සිටි අවස්‌ථාවේ කොටි සංවිධානය විසින් එරික්‌ සෝල්හයිම් සහ තමා ප්‍රාණඇපකරුවන් ලෙස රඳවා ගනු ඇතැයි දක්‌වමින් ශ්‍රී ලංකා රජය ඊට එකඟ වූයේ නැති බවද හෙතෙම සඳහන් කළේය.

එහෙත් කොටි සංවිධානය තමා සහ සෝල්හයිම්ව ප්‍රාණඇපකරුවන් ලෙස රඳවා නොගන්නා බව රොබට්‌ බ්ලේක්‌ වැඩිදුරටත් දක්‌වා ඇත.