මෙම වසරේ ගත වූ මාස හය ඇතුළත දුම්රියේ හැපීමෙන් සහ දුම්රියට පැන දිවි නසා ගැනීමෙන් පුද්ගලයන් 260 දෙනකු මරුමුවට පත්වී ඇතැයි දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ට ඊයේ (02 වැනිදා) පැවැසීය.
මින් වැඩි ප්‍රමාණයක් දිවිනසා ගැනීමෙන් බවද එම ප්‍රමාණය සියයට 60 ක් වන අතර වැඩිපුරම දිවිනසා ගෙන ඇත්තේ අවුරුදු 17 ත් 30 ත් අතර වයසේ පසුවන්නන් බවද ඒ මහතා කියා සිටියේය.
අනතුරුදායක ලෙස දුම්රිය මාර්ගයේ ගමන් කිරීම පාපුවරුවේ ගමන් කිරීම, අනාරක්ෂිත දුම්රිය මාර්ගවලින් වාහන ඇතුළු කිරීමට යැම, දුම්රිය මාර්ගයේ සෙල්ෆි ගැනීමට යෑම වැනි සිද්ධීන් වලදී මෙම පුද්ගලයින් මරුමුවට පත්වී ඇත.
බොහෝ දුම්රිය අනතුරුවලට ලක්ව පුද්ගලයන් මියයැමට හේතුව නොසැලකිලිමත්කම බවද දුම්රිය ආරක්ෂක අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේය.









