FAST NEWS

24×7 Around the Globe

වෙනිසියුලා විපක්ෂයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා..

වෙනිසියුලා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ජූලි 30 වැනි දින පැවැත්වීමට නියමිත මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා එරට විපක්ෂය ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

වෙනිසියුලාවේ ඇන්සෙයෙටගුයිස් ජනපදයේ ජනතා පරිභෝජනය සඳහා වෙන්කර තිබූ ආහාර ටොන් 40ක ගබඩාවක් ගිනිතබා විනාශ කිරීමට විරුද්ධ පක්ෂය කටයුතු කර ඇති බව පුවත් වාර්තා පවසයි.

ගිනි නිවන හමුදාව ක්‍රියාත්මක වීමත් සමග ආහාර තොගයෙන් අඩක් පමණ බේරා ගැනීමට සමත්ව වූ බව එම ජනපදයේ ආණ්ඩුකාර නෙල්සන් මොරේනෝ මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

විරුද්ධ පක්ෂය සිදු කරන මෙම ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් මතුව ඇති තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මදුරෝ විරුද්ධ පක්ෂයට කරනු ලැබූ ඉල්ලීම් දිගින් දිගමට ප්‍රතික්ෂේප කරමින් සිටින බව පැවසේ.

ජාතික ව්‍යවස්ථා සභාවක් ගොඩනැගීම සඳහා නියෝජිතයින් 545ක් තොරා ගැනීමට නියමිත මැතිවරණය පැවැත්වීම එරට ශ්‍රේෂ්ඨාධිකරණයද අනුමත කරනු ලැබීය.

(DE සිල්වා)