FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගේ පහර කෑමක් ප්‍රසිද්ධ කරලා.. (වීඩියෝ)

මේ වනවිට අන්තර් ජාලයට මුදා හැර ඇති ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වීඩියෝවක් පිළිබදව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පුද්ගලයෙකුට පහර දෙන ආකාරය එම වීඩියෝවේ දැක්වෙන අතර ආදාල වීඩියෝව සී. එන්. එන්. මාධ්‍ය ජාලයේ නිල ලාංඡනය සමග ප්‍රථම වරට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ට්විටර් ගිණුම තුලින් ප්‍රසිද්ධියට පත්කර තිබීම විශේෂත්වයකි.

2007 වසරේ පැවති රෙස්ලින් තරගාවලියක් අතරතුර මෙම පහරදීම සිදුව ඇති අතර එම වීඩියෝව නැවත ප්‍රතිනිර්මාණය කර අනතර්ජාලයට මුදා හැර තිබේ.

අදාල වීඩියෝවේ දැක්වෙන ආකාරයට හදිසියේම පැමිණෙන ට්‍රම්ප් එහි සිටින පුද්ගලයෙකුට පහරදෙන අතර එම පුද්ගලයාගේ මුහුණට සී. එන්. එන් ආයතනයේ නිල ලාංඡනය යොදා එය සකසා තිබේ.

එම වීඩියෝව පහතින්..