ජපානයේ පිහිටා ඇති සියදිවි නසා ගැනීමේ ජනප්‍රිය ස්ථානයක් පිළිබද අපට වාර්තා වූ අතර මේ ස්ථානය හැඳින්වෙන්නේ ‘අකිගහරා’ නමිනි.
අකිගහරා වනාන්තරය, ජපානයේ ෆුජී කන්දෙහි වයඹ කොටසක පිහිටා ඇති වනාන්තරයක් වන අතර මෙය, ‘මරාගෙන මැරෙන කඳුවැටිය’ ‘මුහුදේ ගුහාව’ යන නම් වලින්ද හැඳින්වෙයි.
”මැරෙන්නට පරිපුර්ණ ස්ථානය” යනුවෙන්ද මෙය හඳුන්වන්නේ එය සියදිවි නසාගැනීමට ලොව දෙවැනියට ප්‍රසිද්ධ ස්ථානය නිසාවෙනි.
පුරාවෘත්ත වලට අනුව පුරාවිද්‍යාඥන් පවසන්නේ මෙම වනාන්තරයේ ජිවත් වුණු මිනිසුන් ඔවුන්ගේ කුසගිනි නිවා ගැනීමට තමන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ශ්‍රමය තුලින් ගස් වැල් පෝෂණය කළ බවකි.
මේ විදිහට ගස්වැල් පෝෂණය කරපු මිනිස්සුන්ට තමන්ගේ පෝෂණය නිසි අයුරින් ලැබුණත් ගස් වැල් අත්හැර දැමු මිනිස්සුන්ට සිදුවුණේ බිහිසුණු විදිහට වනාන්තරය තුල මරණයට පත්වීමටය.
මේ විදිහට මරණයට පත්වුණු මිනිසුන්ගේ ආත්මයන් අකිගහාරා වනාන්තරයට හිරිහැරයක්ව ඇති බවත් මෙම වනාන්තරය ආශ්‍රිතව අවතාරයන් සහ භූත කතා බොහෝමයක් පවතින බවත් සදහන්ය.
අකිගහරා වනාන්තරය හෙක්ටයාර් 3,500 ක පමණ විහිදිලා යන ඉතාමත් සාරවත් වනාන්තරයක් වන අතර මේ වනාන්තරයේ කිසිඳු ජීවියෙක් වාසය නොකරන බවත් පැවසේ.
නමුත් සොයාගෙන ඇති පරිදි කළු වලස්සු, වවුලන්, මීයන්, මුවන්, නරියන්, ඌරන්, වල් හාවන්, සේම පක්ෂීන් වර්ගත් මේ වනාන්තරයේ වාසය කරයි.
මේ වනාන්තරයේ ඉතාමත් නිහඬ පරිසරයක් පවතින බවත් එම නිශ්ශබ්දතාවය එලෙසින් ජනයාව වනාන්තරයට ආකර්ෂණය කර ගන්නා බවත් මිත්‍යාවක් පවතින බවත් සදහන්ය.
බහුල වශයෙන් ගුහානික් පාශානය සමන්විත වෙන මේ වනාන්තරයේ සංඛ්‍යා ලේඛණ වලට අනුව සෑම වසරකම පුද්ගලයින් 100ක් පමණ සියදිවි නසාගන්නා බවත් 19 වන ශතවර්ෂයේ සිට මේ ස්ථානය මරණයට සම්බන්ධ වන බවත් ඒ අවට ගම්වැසියන් පවසනු ලබයි.
සොයාගෙන ඇති පරිදි මේ වනාන්තරයේ සියදිවි නසා ගන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 40 ත් 50 ත් අතර පිරිමින් වන අතර වැඩි වශයෙන් සියදිවි නසාගන්නේ මාර්තු මාසයේදීය.
මේ වනාන්තරයට පිවිසෙන අයට ඇතිවිය හැකි සියදිවි නසාගැනීමේ සිතුවිල්ල යටපත් කරන්න අකිගහරාහී නොයෙකුත් පුවරු සවි කර ඇති අතර ඒ අතර ”ඔබේ ජීවිතය දෙමව්පියන්ගෙන් ලැබුණු වටිනා තෑග්ගක්, ඔබේ දරුවන් ගැන ඔබේ පවුලේ අය ගැන සිතන්න, මැරෙන්න තීරණය කරන්න කලින් පොලිසියට ගිහින් බලන්න” වැනි වදන් ඒ පුවරු වල සඳහන්ය.
ඡායාරූප පහතින්..





















