FAST NEWS

24×7 Around the Globe

පුළුවන් තරම් සිංහල වර්ගයා බෝ කරන්න..

“අපේ සිංහල අම්මලා වැඩි වැඩියෙන් දරුවන් හැදුවොත් විතරයි මේ රටත් ජාතියත් මේ සම්බුද්ධ ශාසනයත් බේරාගන්න පුළුවන් වෙන්නේ..” යෑයි බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා නුගේගොඩ ඇඹුල්දෙණියේ භික්‍ෂු ගිලන් සුව සෙවණ විවෘත කිරීමේ උත්සවයේදී ඊයේ (02) පැවසීය.

බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද කීය.

අපේ සිංහල අම්මලා පුංචි පවුල රත්තරන් කියලා දරුවන් හදන්නේ එක්‌කෙනයි දෙන්නයි. තමන් දරුවන් හදන්නේ නැතුව අපේ සිංහල අම්මලා මුස්‌ලිම් ජාතියට බනිනවා. මුස්‌ලිම් අම්මලා දරුවන් හතර, පහ, දහය හදනවා. අපේ සිංහල අම්මලටත් දරුවෝ හොඳටම හදන්න පුළුවන්. මම කියන්නේ පුළුවන් තරම් සිංහල වර්ගයා බෝ කරන්න කියලයි. සිංහල ජාතිය පෝෂණය කිරීමෙන් පමණයි මේ සම්බුද්ධ ශාසනයත්, රටත්, ජාතියත්, ආගමත් බේරාගත හැකිවන්නේ.