FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 18 ක් දොට්ට බසිති ..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති, රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූර හොබවන මන්ත්‍රීවරුන් 18 දෙනෙක් ලබන සැප්තැම්බර් මාසයේ දී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පැවසීය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය හා එක්ව ඇති කරගත් අවබෝධතා ගිවිසුම ලබන සැප්තැම්බර් මාසයේ දී අවසන් වන බවත් කී ඒකනායක මහතා ඒ අනුව සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි කීවේය.

ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසු ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බව කී රාජ්‍ය ඇමැතිවරයා 2020 දී පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනතුරු එසේ කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.