FAST NEWS

24×7 Around the Globe

ලිංගික හැසිරීම් සජිවීව පෙන්වා සල්ලි ගන්න ජාවාරමක් ලංකාවේ..

සිය බිරිඳ හෝ පෙම්වතිය සමඟ සිදුකරන ලිංගික හැසිරීම් ෆේස්බුක්, වට්ස්ඇප් හෝ ස්කයිප් තාක්ෂණයන් හරහා සජිවීව ලෝකයේ අදාළ සේවය බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙකුට පෙන්වා මුදල් ලබාගැනීමේ ජාවාරමක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

දැනට මෙම සේවාව සැපයීම සඳහා දැනට ශ්‍රී ලංකාවේ ‍යුවලවල් තැරැව්කරුවන් සමඟ ලියාපදිංචි ව ඇති බවටද අනාවරණය වී තිබේ.

පැය බාගයක කාලයක් මෙලෙස එක් ලිංගික දර්ශණයක් සජීවීව විකාශය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 30 – 50 (රුපියල් 4500 – 7500) අතර මුදලක් අය කෙරෙන අතර තැරැව්කරු විසින් කොමිස් මුදලක් ලබාගෙන පාර්ශ්වයන් සම්බන්ධකරනු ලබයි.

එලෙස සම්බන්ධ කිරීමෙන් පසුව තැරැව්කරුගේ සහයෝගයකින් තොරව අදාළ පාර්ශවයන් ද්විත්වය සෘජුව ගණුදෙනු කරන බවත් මුදල් හුවමාරු මාධ්‍යයන් හරහා මුදල් මෙරටට ගෙන්වා ගන්නා බවටද අනාවරණය වී තිබේ.

ලිංගික දර්ශණ පටිගත කිරීම සහ ලගතබා ගැනීම ශ්‍රී ලංකාවේ නීතිය අනුව බරපතල වරදක් වන අතර මෙවැනි ජාවාරම්කරුවන්ට සහ ඒවාට සම්බන්ධ වන සියලුම පුද්ගලයන්ට ශ්‍රී ලංකා නිතීය අනුව දැඩි දඩුවම් හිමිය.