වව්නියාව වෙප්පන්කුලම ප්‍රදේශයේ ළමා නිවාසයක සිටි වයස අවුරුදු 11 ක දැරියක් ජීවිතක්ෂයට පත්වීම පිළිබඳ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඊයේ(29) සවස දැරිය මරණයට පත්ව ඇති අතර ළමා නිවාසයේ පාලනාධිකාරිය පොලිසියට ප්‍රකාශකර ඇත්තේ ඇය ගෙල වැළලාගෙන මියගොස් සිටි බවටයි.
ඇය පාසල් අවසන් වී ළමා නිවාසයට පැමිණ ඇති අතර සවස 4.30 ට පමණ මෙලෙස මියගොස් ඇතැයි හෙළිවී තිබේ.
පාසල් ගුරුවරයෙකු බැන වැදීම පිළිබඳ මෙම දැරිය කනස්සල්ලෙන් පසුවු බවට ළමා නිවාසයේ අනෙක් දැරියන් ප්‍රකාශ කර ඇතැයිද පැවැසේ.









