FAST NEWS

24×7 Around the Globe

ඉංජිනේරුවෙක් කාර්යාලයේ සියදිවි හානි කර ගන්න ගිහින්..

කොළඹ ජාවත්තේ පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී ඉංජිනේරුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කරගෙන තිබේ.

කෙසේ වෙතත් කාර්යාල සේවකයින්ගේ මැදිහත්වීමෙන් එය ව්‍යර්ථ වී ඇති අතර, පොලිසිය සදහන් කළේ ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සිය කාර්යාලය තුළ රැහැනක ආධාරයෙන් ඔහු ගෙළ වැළලා ගැනීමට උත්සාහ දරා ඇති බව සදහන්ය.

මොහු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක සහ තාක්ෂණික සේවා අංශයේ ඉංජිනේරුවරයෙකු බව වාර්තා වූ අතර මූල්‍යමය ගැටලූවක් මුල් කර ගනිමින් ඔහු මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇති බවට පොලිසිය සැක පළ කරයි.