FAST NEWS

24×7 Around the Globe

මාලිංග වෙනුවෙන් සමාජ ජාලා ක්‍රියාකාරීන් විරෝධතාවයකට..

ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට එල්ලවන චෝදනා සහ විනය ක්‍රියාමාර්ගවලට එරෙහිව සමාජ ජාලා ක්‍රියාකාරීන් විසින් ජූලි මස 2වන දින උදෑසන විහාරමහාදේවි උද්‍යානයේ විරෝධතාවයක් දැක්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ක්‍රිකට් ක්‍රීඩාවට සහ දේශීය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි ගෙන යනු ලබන අදූරදර්ශී ක්‍රියාකලාපයට විරෝධය පෑමට මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බව සදහන්ය.