FAST NEWS

24×7 Around the Globe

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ තම නිවුන් දරුවන්ගේ ඡායාරූප මුදා හරී.. (ඡායාරූප)

රියල් මැඩ්රීඩ් පාපන්දු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තම නිවුන් දරුවන් දෙදෙනාගේ ප්‍රථම ඡායාරූපය සමාජජාල වෙත මුදාහැර තිබේ.

32 හැවිරිදි වියේ පසුවන ක්‍රිස්ටියානෝ වෙනත් කාන්තාවකගේ ගර්භාෂයක් කුලියට ගනිමින් මෙම දරු දෙදෙනාට මෙළොව එළිය දැකීමට අවස්ථාව සලසා දී තිබුණු අතර, දරුවන් මෙළොව එළිය දකින තුරුම එය රහසක් සේ පැවතුණි.
පෘතුගාල පාපන්දු කණ්ඩායමට නායකත්වය දෙමින් ෆිෆා කන්ෆඩරේෂන්ස් කුසලානය වෙනුවෙන් රුසියාවේ පැවැත්වෙන පාපන්දු තරගාවලියට සහභාගී වීමට පෙර ඔහු මේ ආකාරයෙන් තම දරු දෙදෙනා සමග එකට හිඳ ඡායාරූපය ලබාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ මේ ඡායාරූපය පළ කරමින් “අවසානයේදී මා පළමු වතාවට මගේ දරුවන් සමග එකතු වුණා” යැයි පවසා ඇති රොනාල්ඩෝ, සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමටද ඡායාරූපය එකතු කරමින් “මගේ ජීවිතයට එකතු වූ අලුත් ආදරයන් වැළඳ ගැනීමට ලැබීම පුදුමාකාර සතුටක්” යැයි සඳහන් කර ඇත.

ක්‍රිස්ටියානෝ දැනටමත් එක්දරු පියෙකු වන අතර, ඔහුගේ පෙම්වතිය වන්නේ 22 හැවිරිදි ජෝර්ජියානා රොඩ්‍රිගෝස්ය.

ඡායාරූප පහතින්..

Related image