FAST NEWS

24×7 Around the Globe

දේපළ ගන්න පුතෙක්, බිරිද හා එක්ව මවට සිදු කළ දේ..

 

තම මවගේ ගෙල රෙදි පටියකින් සිරකර වද හිංසා සිදුකළ පුද්ගලයෙකු කොච්චිකඩේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිය මවට අයත් නිවාස සහ ඉඩම තම නමට ලියා දෙන ලෙස බල කරමින් සැකකාර පුත්‍රයා 79 හැවිරිදි තම මවට මෙලෙස වද හිංසා පමුණුවා ඇති බව වාර්තා වේ.

සැකකරු කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙන් වන අදාල සැකකරු තම බිරිඳ සමඟ එක්ව සිය මවට මෙලෙස බලපෑම් කර ඇති අතර පුතාගේ පහරදීමෙන් අදාල මව දින 02ක් රෝගල ගතව සිට ඇති බවද වාර්තා වේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව තරයේ අවවාද කර රුපියල් පනස් දෙදෙහස් පන්සීයක මුදල් ඇපයක් සහ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

සැකකරු අධිකරණය හමුවේ පවසා ඇත්තේ තමන් එම නිවසින් ඉවත්ව යන බවයි.