FAST NEWS

24×7 Around the Globe

ඩයනා කුමරිය මරා දැමූ බව ඒජන්තවරයා පිළි ගනියි.. (වීඩියෝ)

බ්‍රිතාන්‍ය රජ පවුලේ නියෝගය මත තමා ඩයනා කුමරිය මරා දැමූ බව එම්. අයි. 5 බුද්ධි සේවාවේ ඒජන්තවරයකු වූ ජෝන් හොප්කින්ස්‌ විසින් හෙළිකර ඇති බව වාර්තා වේ.

අසූ හැවිරිදි වියේ පසුවන හොප්කින්ස්‌ දැන් මරණාසන්නව රෝහල්ගතව සිටින අතර මියයෑමට පෙර මේ රහස හෙළි කිරීමට තමාට අවශ්‍ය බව ද හෙතෙම කියා සිටින බවද පැවසේ.

ඩයනා මරා දැමීමේ නියෝගය සෘජුව දුන්නේ පිලිප් කුමරු බවත් ඇගේ මරණය හදිසි අනතුරක්‌ ලෙස හුවාදැක්‌වූ බවත් හොප්කින්ස්‌ පවසන බව සදහන්ය.

තමා ඔවුන්ට පක්‍ෂපාතී වන බවට දිවුරුම් දුන් බව කී හොප්කින්ස්‌ තමා ඩයනා මරා දැමුවේ රැජන හා පවුලේ අය රැකීමට බව ද පවසා ඇති අතර තමා මෙයට පෙර කාන්තාවක මරා දමා නැති බව පැවසූ හොප්කින්ස්‌ එහෙත් රජ පවුලේ නියෝගය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටි බව සඳහන් කරයි.

ඝාතන 23 ක්‌ මෙහෙයවූ හොප්කින්ස්‌ගේ මේ හෙළිදරව්වෙන් බ්‍රිතාන්‍ය රජ පවුලේ අය කැළඹීමකට පත්ව ඇති බව වාර්තා වන නමුත් පැරිසියේ උමඟකදී ඩයනා ගමන් කළ මෝටර් රිය අනතුරට ලක්‌වූයේ කෙසේද යන්න ඔහු හෙළිකර නොමැත.

වීඩියෝ පහතින්..