FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාව විද්‍යුත් උපකරණ තහනම දිර්ඝ නොකරයි..

ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන ගුවන් මගීන්ට පැන වූ ලැප්ටොප් ඇතුලු විද්‍යුත් උපකරණ තහනම දිර්ඝ නොකිරීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එහෙත් එරටට ඇතුළු වන ගුවන් යානාවල ආරක්ෂාව වැඩි කිරීමේ පියවරක් ලෙස නව නීති රීති කිහිපයක් හදුන්වා දීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් පැවසේ.

පසුගිය මාර්තු මාසයේදි බහුතර මුස්ලිම් ජනගහනයක් සහිත රටවල් 08කින් පැමිණෙන මගින් සදහා විද්‍යුත් උපකරණ තහනමක් පැනවීමට ඇමෙරිකාව කටයුතු කළේය.

නව ක්‍රමවේදයට අනුව රටවල් 105කින් පැමිණෙන මගීන් සහ විද්‍යුත් උපකරණ පරීක්ෂාවට ලක් කිරීම අත්‍යවශ්‍ය වන බවත් ගුවන් සේවා සමාගම්වලට ඊට අනුගතවීම සදහා දින 120ක කාලයක් ලබා දි ඇති බවත් වාර්තා වේ.

එම කාලය තුළ ඊට අදාළව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් එම සේවාවන් තහනම් කිරීමට ඉඩ ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

සතුරන් පුපුරණ ද්‍රව්‍ය සගවා තැබීම සහ ගුවන් යානා පැහැරගැනීම සදහා නව උපක්‍රම අත්හදා බලන හෙයින් මෙම පියවර ගන්නා බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජෝන් කෙලී නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර තිබේ.

(DE සිල්වා)