FAST NEWS

24×7 Around the Globe

රොෂාන් මහනාමගේ පියා දැයෙන් සමු ගනියි..

හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම තරග ක්‍රීඩකයෙකු ද වූ රොෂාන් මහනාමගේ පියාණන්වන උපාලි මහානාම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

උපාලි මහානාම මහතා මිය යන විට 77 වැනි වියේ පසූ වූ  අතර ඔහු කලක් ක්‍රිකට් විනිසුරු සංගමයේ සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කළේය.

උපාලි මහානාම මහතාගේ දේහය මේ වනවිට නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවත, නෙළුම් Place,178/1c  දරන නිවසේ තැන්පත් කර ඇති අතර අද(28) පස්වරු 04 සිට ඒ මහතාගේ දේහය කොළඹ 07, රෝස්මිඩ් Place 100 / 02 දරන නිවසේ තැන්පත් කිරීමට නියමිත බව වාර්තා විය.

අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී හෙට(29) පස්වරුවේ සිදු කිරීමට නියමිතය.