FAST NEWS

24×7 Around the Globe

කටාර් රාජ්‍යයට එරෙහිව නව සම්බාධක පෙලක්

කටාර් රාජ්‍යයට එරෙහිව නව සම්බාධක පෙලක් ඉදිරිපත් වනු ඇති බවට එක්සත් අරාබි එමීර් රාජ්‍ය පවසයි.

එම නව සම්බාධක අතර ආර්ථික සම්බාධක ද පවතින බව රුසියාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිවරයා සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

නව සම්බාධක අතර වෙළඳාමට අයත් ගිවිසුම් කිහිපයක්ම තිබිය හැකි බව හෙතෙම සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් සෞදි අරාබිය ප්‍රමුඛ කටාර් රාජ්‍යයට සම්බාධක පැනවූ කිසිදු රටක් කටාර් රාජ්‍ය ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට කිසිදු සාධකයක් ඉදිරිපත්කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

(DE සිල්වා)