දහතුන් හැවිරිදි පාසල් සිසුවියක් අවිස්සාවේල්ල රෝහල තුලදී දරුවෙකු බිහිකර ඇති අතර මෙලෙස බිහිකර ඇති දරුවා මියගොස් ඇති බවත් මව වූ පාසල් සිසුවිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා විය.
මීට මාස කිහිපයකට පමණ පෙර මිතුරු තරුණියකගේ පෙම්වතා බවට පැවසූ තරුණයෙකු විසින් 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවියට අතවර කර ඇති බවට අනාවරණ වී තිබේ.
මෙලෙස දරුවෙකු පිළිසිඳගෙන ඇති බව වාර්තා වන්නේ එම තරුණයා විසින් මෙම පාසල් සිසුවියට වරින් වර සිදුකළ අතවර කිරීම් වලදීය.
පසුව සිසුවිය විසින් දැරණියගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ඒ පිලිබඳව පැමිණිලි කර ඇති අතර අනතුරුව වහාම ක්‍රියාත්මක දැරණියගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබේ.
එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
ඒ අතරතුරදී පාසල් සිසුවිය දරු ප්‍රසූතිය සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර දැරණියගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.









