FAST NEWS

24×7 Around the Globe

වෙනිසියුලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගුවනින් ප්‍රහාරයක්..

වෙනිසියුලාවේ – කර්කාස් නගරයේ පිහිටි එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ගුවනින් බෝම්බ ප්‍රහාරයක් සහ වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එසේම වෙඩි ප්‍රහාර එල්ල කළ ගුවන් යානය එරට පොලිසියට අයත් යානයක් වන  බවත් , එහි ගුවන් නියමුවාද එරට පොලිස් නිලධාරියෙකු වන බව එම වාර්තා කියයි.

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මරෝ ශ්‍රේෂ්ඨාධිකරණයට එල්ල වූ බෝම්බ සහ වෙඩි ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බවට ප්‍රකාශ කර ඇති බවත් සඳහන්.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව කොපමණ ද යන්න මෙතෙක් වාර්තා නොමැත.

(DE සිල්වා)