තමාට වඩා වයස ඇවුරුදු 33ක් ළාබාල ශ්‍රී ලාංකේය තරුණයෙකු සමග විවාහ වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක සිය තරුණ සැමියා හදිසියේ මියයෑමෙන් පසු යළි සිය රටට යෑමට මුදල් නොමැතිව ශ්‍රී ලංකාවේ සිරවී සිටින බව ඩේලිමේල් අනාවරණය කරයි.
ඩයෑන් ඩි සොයිසා නමැති 59 හැවිරිදි මෙම කාන්තාව 2011 වසරේදී ප්‍රියංජන නමැති ශ්‍රී ලාංක්‍රීය තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇත.
කෙසේ වෙතත්, සිය ප්‍රේමය දළුලා වැඩෙන විට එඩින්බරෝ නුවර වූ සිය නිවස විකුණා, තමා කරමින් සිටි රැකියාවෙන්ද ඉවත්වී 2015 වසරේදී මෙම කාන්තාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
කෙසේ වෙතත්, වැඩිකල් යෑමට පෙර මෙම තරුණයා මුදල් අරඹයා තමාව විවාහ කරගෙන ඇති බව තමාට තේරුම්ගිය බව පවසන ඇය, තම නිවසේ නිතර අඩදබර ඇති වූ බවද පවසා තිබේ.
කෙසේ වෙතත්, පසුගිය මාසයේදී සිය ස්වාමියා වෙඩි තැබීමකින් ඝාතනය වූ බව පවසා ඇති මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව දැන් යළි තම රටට යෑමට මුදල් නොමැතිව තමන් ශ්‍රී ලංකාවේ කොටුවී සිටින බව සඳහන් කර ඇත.
එමෙන්ම, තමා නිවස විකුණා ලබාගත් මුදලින් ස්ටර්ලිං පවුම් 100,000ක් පමණ තම ස්වාමියාට ලබාදුන් බවද ඇය පවසා තිබේ.
මේ අතර, අදාළ කාන්තාවගේ පවුලේ ඥාතීන් පවසා ඇත්තේ ඇයට මෙම විවාහය කර නොගන්නා ලෙස බල කර සිටියත්, ඇය සිය කැමැත්තෙන්ම මෙම ළාබාල තරුණයා සොයා ශ්‍රී ලංකාවට ගිය බවයි.
එමෙන්ම, මෙම තරුණයාගේ මව, මෙම කාන්තාවට වඩා වසරකින් ළාබාල බවද ඇයගේ ඥාතීන් ඩේලිමේල් වෙත පවසා ඇති අතර, මෙතරම් වයස පරතරයක් ඇති අයෙකු සමග විවාහ නොවන ලෙස ඔවුන් ඇයට බලකර තිබේ.
කෙසේ වෙතත්, ප්‍රියංජන නැමති මෙම තරුණයාද කප්පම් සිද්ධියක් හේතුවෙන් ඝාතනයට ලක්ව ඇති බව වාර්තා වන අතර එම මරණය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බවද සඳහන් වෙයි.
මේ අතර, අදාළ කාන්තාව කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය සමග සම්බන්ධ වෙමින් යළි සිය රට බලා යෑමට උත්සාහ කරමින් සිටින බවද ඩේලිමේල් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.
ඡායාරූප පහතින්..













