සාධාරණ ලෙස ව්‍යාපාර කිරීමට අදාළ රෙගුලාසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ගූගල් සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7ක දඩයක් පැනවීමට යුරෝපා සංගමයේ අදාළ අංශ කටයුතු කර ඇති බව වාර්තා වේ.
අසාධාරණ තරගය වැළැක්වීම සඳහා තිබෙන රෙගුලාසි උල්ලංඝණය කිරීම නිසා “ඇල්ෆබට්(ගූගල්)” ගූගල් ඒකකයට මෙසේ දඩ නියම කර තිබෙන අතර දැනට විභාග වෙමින් තිබෙන සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ද සමාගමට එරෙහිව දැඩි පියවර ගැනීමට නියමිත යැයි වාර්තා වේ.
ෙගූගල් සමාගම සෙවුම් කටයුතුවලදී තම සේවාවලට ප්‍රමුඛත්වය දී තිබෙන බව අනාවරණය වී ඇතැයි ද දඩය නියම කරමින් යුරෝපා කොමිසම සඳහන් කරයි.
(DE සිල්වා)









