FAST NEWS

24×7 Around the Globe

සිම්බාබ්වේ එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ආරම්භවීමට නියමිත තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

අදාළ ශ්‍රී ලංකා සංචිතයෙන් කණ්ඩායමේ නිත්‍ය උපනායක ලෙස කටයුතු කල දිනේෂ් චන්දිමාල් ඉවත්කර තිබේ.

එ අනුව කණ්ඩායමේ උපනායකත්වය උපුල් තරංග හට හිමීව තිබේ.

නවක ක්‍රීඩකයෙක් ලස වනිඳු හසරංග කණ්ඩායමට නම් කර ඇති අතර ආබාධයකට ලක්ව සිටි දුෂ්මන්ත චමීරද ඉන් සුවය ලබා නැවතත් සංචිතය එක්ව තිබේ.

මේ අතර ක්‍රිකට් ආයතනය විසින් විනය පරික්ෂණයක් පවත්වන බවට නම් කළ ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සංචිතයට නම් කර ඇත.

විනය පරීක්ෂණයේ ප්‍රතිඵල මත ඔහු තරගාවලියට ක්‍රීඩා කිරීම හෝ නොකිරීම තීරණය වෙයි.

ඔහු වැරදිකරු වුවහොත් සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රි ලංකා සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක) උපුල් තරංග (උපනායක) නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, ළහිරු මධුශංක

(DE සිල්වා)