මේ මස අවසානයේ ආරම්භ වන සිම්බාබ්වේ තරගාවලියට නම්කර තිබෙන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ සිටින ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන සෑහීමට පත් විය නොහැකි බව ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
නමුත් කොන්දේසි සහිතව එම කණ්ඩායමට අනුමැතිය දීමට බලාපොරොත්තු වන්නේ යයිද ඇමතිවරයා සදහන් කරයි.
සංචිතයේ ක්‍රීඩකයන්ගේ ශාරිරික යෝග්‍යතාව ගැන කිසිසේත්ම සෑහීමට පත් විය නොහැකි බවත් යෝග්‍ය තත්වයේ සිටිනුයේ ක්‍රීඩකයන් දෙදෙනෙක් පමණක් බවත් පවසන ක්‍රීඩා ඇමතිවරයා මෙවන් පිරිසකට අනුමැතිය දෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබේ.
සංචිතයේ නම් කර ඇති එකම ක්‍රීඩකයකු හෝ ලෝක තත්ත්වයේ නැති බවත් ඔවුන්ට අඩුපාඩු හදාගන්න තුන් මාසයක පමණ කාලයක් ලබා දෙන බවත් පවසන ඇමති දයාසිරි එම කොන්දේසි මත අනුමැතිය දීමට සූදානම් බවද වැඩි දුරටත් කියා සිටී.









