FAST NEWS

24×7 Around the Globe

ගුවන් පාලමකින් පැන්න පාසල් සිසුවිය වෑන් රථයක් මතට වැටිලා..

පන්නිපිටියේ ගුවන් පාලමෙන් සිසුවියක් බිමට පැනීමෙන් බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇත.
11 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවියගේ තත්වය බරපතල නිසා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.

සිසුවියගේ පාසැල් බෑගය හා සපත්තු යුගල පාලම මත තිබියදී සොයාගෙන ඇති අතර අදාල සිසුවිය හයිලෙවල් මාර්ගයේ ගමන් කර තිබූ වෑන් රථයක් මත වැටී ඇති බවද වාර්තා වේ.

පොලීසිය සදහන් කළේ සිසුවියගේ කොන්ද ප්‍රදේශයට සහ බෙල්ලට මෙම අනතුරෙන් බරපතල තුවාල සිදුව ඇති බවයි.