FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගේ සංචාරක හා සරණගාත නියෝගයට අධිකරණයෙන් අවසර…!

මුස්ලිම් රටවල් හයක සංචාරකයන්ට පැනවූ සංචාරක තහනම සහ සියලු සරණාගතයන්ට ඇමෙරිකාවෙන් පිටවන්නැයි සඳහන් කරමින් දුන් විධායක නියෝගය නැවත ක්‍රියාත්මක කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම නියෝගය ලබා දී ඇත්තේ සඳුඳා (26) වන අතර නියෝගය දුන් මොහොතේ සිට පැය 72කින් එය ක්‍රියාත්මක වනු ඇත.

එසේ නමුත් ට්‍රම්ප්ගේ සංචාරකයන් සහ සරණාගතයන් සඳහා පැනවූ තහනම වලංගු වන්නේ නව වීසා අයැදුම්කරුවන්ට පමණි.

දැනටමත් වීසා සහිත සහ ඇමෙරිකාවේ එක්සත් ජනපදයේ ස්ථාවර පදිංචිකරුවන්ට (හරිත කාඞ්පත් හිමියන්) අදාළ නොවන බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ නමුත් මෙමගින් ට්‍රම්ප් මහතාගේ විධායක නියෝගය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී නොමැති බවත් පැවසේ.

ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප් මහතාගේ විධායක නියෝගය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවසර දී නොතිබූ අතර විධායක නියෝගය ක්‍රියාත්මක කරන්නැයි ට්‍රම්ප් පරිපාලනය කර තිබූ ඉල්ලීම සලකා බලමින් මෙම අවසරය දී තිබේ.

***
ඇමෙරිකා ජනාධිපතිවරයා මාර්තු 6 වැනිදා රටවල් හයක සංචාරකයන්ට එරටට ඇතුළුවීම තහනම් කරමින් දුන් විධායක නියෝගය අත්හිටුවමින් එරට පහළ අධිකරණ රැසක් අතුරු නියෝග ලබා දුන්නේය.

ඉරානය, ලිබියාව, සුඩානය, සිරියාව, සෝමාලියාව සහ යේමානය යන රටවල සංචාරකයන්ට දින 90ක සංචාරක තහනමක් ද ඇමෙරිකාවේ සිටින සියලු සරණාගතයන්ට දින 120ක තහනමක් ද පනවමින් ඉකුත් මාර්තු 6 වැනිදා ට්‍රම්ප් මහතා විධායක නියෝගයකට අත්සන් තැබීය.

සැලැසුම් කළ අයුරින් මෙම විධායක නියෝගය මාර්තු 16 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අතර එය වළක්වාලමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් අධිකරණ කිහිපයක් අතුරු නියෝග නිකුත් කළේය.

 

(DE සිල්වා)