සයිටම් ආයතනය සම්බන්ධව රජයේ ප්‍රතිපත්ති ගැන ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අහිංසක රෝගීන් අසීරුතාවට පත්කරමින් වැඩ වර්ජනයක නිරත වීම අසාධාරණ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිපත්ති සහ යෝජනා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දන්වන ලද බවද ඇමැතිවරයා සඳහන් කරයි.









