ක්රිකට් ක්රීඩක උපුල් තරංගගේ නිල ට්විටර් ගිණුමේ තැබු රාමසාන් සුබපැතුම් පණිවිඩයක් නිසා කතාබහක් ඇතිව තිබේ.
ඊයේ(26) දිනයේ යෙදී තිබුණ ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උළෙලට සිය ට්විටර් ගිණුමෙන් සුභ පතා තිබූ උපුල් තරංග, “මගේ ආදරයටත් ඊද් සුබ පැතුම් ” යනුවෙන් දක්වා තිබුනි.
පසුව ඔහු එම පණිවිඩය ඉවත්කරගෙන ඇති බවටද වාර්තා විය.
උපුල් තරංගගේ ආදරවන්තිය ඉස්ලාම් භක්තිකයෙකු වන අතර ඔහුගේ පවුලෙන් ඇයට වැඩි කැමත්තක් නොමැති බවද විවාහයෙන් පසුව තරංග මුස්ලිම් අනුගාමිකයෙකු බවට පත්වනු ඇති බවද වාර්තා පළව තිබුණි.










