කඹුරුපිටිය රංචාගොඩ ප්‍රදේශයේ කොස් ගසක හා මහෝගනී ගසක එල්ලෙමින් තිබූ සිරුරු හතරක් අද (27) අලුයම සොයා ගත් බව පොලිසිය පවසයි.
එම සිරුරු කුරුඳු තලන්නකු බව කියන 44 හැවිරිදි පියකුගේ සහ ඔහුගේ දරු තිදෙනාගේ බවට හඳුනාගෙන තිබේ.
එක් පුතකු 14 හැවිරිදි සාමනේර නමක බවත්, අනෙක් දෙදෙනා අවුරුදු 10 හා 16 වයස්වල දියණියන් බවත් පොලිසිය පවසයි.
මිය ගිය පිරිස පදිංචිව සිටි නිවසද ගිනිගෙන ඇතැයි පොලිසිය පවසන අතර ආරවුලක් මත පියා නිවසට ගිනි තබා දරු තිදෙනාගේ අත් ගැට ගසා එල්ලා ඔහුද එල්ලී මිය ගියාදැයි පරීක්ෂණ කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.









