FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වෙයි..

ඇමරිකානු රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අයි.එස්. සංවිධානය එල්ල කර ඇති මෙම සයිබර් ප්‍රහාරයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ රජයේ වෙබ් අඩවි කිහිපයක් බවයි.

එම ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජෝන් කැසිච්ගේ වෙබ් අඩවියටද සයිබර් ප්‍රහාරයෙන් බලපෑම් එල්ලවී තිබේ.

සයිබර් ප්‍රහාරයට ලක්වූ පරිගණක පද්ධතිවලට පිවිසුණු විගස අයි.එස්. සංවිධානයේ පණිවුඩයක් එය තුළ ප්‍රදර්ශනය වන අතර, එමගින් මැදපෙරදිග රටවල සිදුවන ත්‍රස්ත ප්‍රහාරවල වගකීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භාරගත යුතු බවද සඳහන්ය.