රජයේ රෝහල් වර්ජනය කරමින්, පුද්ගලික ආයතනයක සේවය කරමින් (ප්‍රයිවට් ප්‍රැක්ටිස්) සිටි වෛද්‍යවරයෙකු පිළිබඳ ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.
මොහු ලියාපදිංචි අංක 16872 යටතේ ලියාපදිංචි වෛද්‍ය එම් එන් ඩීන් නැමති රජයේ වෛද්‍යවරයෙකි.
ඊයේ උදෑසන 7.45ට පමණ ගලේවෙල ‘‘රෝයල් හෙල්කෙයාර්‘‘ නැමති පුද්ගලික ආයතනයේ මෙම වෛද්‍යවරයා රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිට ඇති අතර රෝගීන් විශාල ප්‍රමාණයක්ද ඒ මොහෝතේ එහි සිට තිබේ.
අනතුරුව එම ස්ථානයට ගිය මාධ්‍යවේදියෙකු මේ පිළිබඳව වෛද්‍යවරයාගෙන් විමසන අතර වෛද්‍යවරයා එහිදී මහත් කලබලයට පත්වෙයි.
ඉන්පසුව ඔහු ප්‍රතිකාරද නවතා සැනෙකින් ආයතනයේ දොරටුව වෙත ගොස් පිටවී, ගලේවල ප්‍රදේශීය රෝහල් පරිශ්‍රය වෙත දිව යන්නේ පාවහන්ද නොමැතිවය.
මේ සියල්ල වීඩියෝගත කිරීමටද අදාළ මාධ්‍යවේදියා සමත්වන අතර එම වීඩියෝව පහතින්..









