FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා තුනක් සඳහා ඔක්තෝබර් මස 2දා නාම යෝජනා භාර ගැනේ..?

උතුරු මැද, නැඟෙනහිර හා සබරගමුව පළාත් සභා තුන සඳහා ඔක්තෝබර් මස 2දා නාම යෝජනා භාර ගැනීමේ දිනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව මැතිවරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පළාත් සභා තුනෙහි නිල කාලය සැප්තැම්බර් 26, සැප්තැම්බර් 30 සහ ඔක්තෝබර් 1දා අවසන් වෙයි.

පළාත් සභා තුන සඳහා ඡන්ද විමසීම එකම දිනයක සිදුවුවද එම සභාවල මුල් රැස්වීම පැවැත්වූ දින සිට වසර පහක් ගිය තැන පළාත් සභාවේ නිල කාලය අවසන් වනු ඇත.

පළාත් සභා තුනෙහි නිල කාලය අවසන් වූ පසු අදාළ පළාත් සභා සඳහා ඡන්දය පැවැත්වීමට නාම යෝජනා භාර ගැනීමේ දිනය ප්‍රකාශිත අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදු කළ යුතු වෙයි.

පළාත් සභාවක නිල කාලය අවසන් වූ පසු ඒ සඳහා ඡන්ද විමසීම කල් දැමීමට විෂය භාර ඇමැතිවරයාට ප්‍රතිපාදන සැලසී නැත.

ඒ සඳහා ඡන්දය පැවැත්වීමට නාම යෝජනා භාර ගැනීමේ සියලු බලතල පැවැරී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවටයි.