FAST NEWS

24×7 Around the Globe

මහේල ජයවර්ධන ප්‍රාන්ත T20 තරගාවලියෙන් ඉවත් වෙයි..

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා එංගලන්ත ප්‍රාන්ත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

එම තරඟාවලියේ ලැන්කෂයර් කණ්ඩායම නියෝජනය කරමින් තරඟ වැදීමට මහේල ජයවර්ධන ගිවිසුම් අත්සන් කර තිබු නමුත් , පෞද්ගලික හේතූන් මත තමා එම තරඟාවලියෙන් ඉවත්වීමට තීරණය කළ බව මහේල ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

ඔහු පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේදී සමර්සෙට් කණ්ඩායම නියෝජනය කරමින් තරඟ වැදුණි.

(DE සිල්වා)