” නාමල් රාජපක්ෂ මහතා මේ රටේ නායකයා වෙනවා නම් ඊට අපේ අකමැත්තක් නැහැ. එහෙත් ඒ වෙනුවෙන් මේ පක්ෂය විනාශ කළ යුතු නැහැ.”
සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්. බී. දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාතදුම්බර ආසන ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගිවෙමිනි.
ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනු දැකීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව යැයි හෙතෙම ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් බිහිවීම මගින් සිය පුතුන්ගේ දේශපාලන අනාගතය කෙටිකාලීන වශයෙන් සකස් නොවන බැවින් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් ප්‍රථමයෙන් බිහිකොට පසුව සිය පුතුගේ දේශපාලන අනාගතය සකස් කර දීම හිටපු ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වන්නේ යැයි ද ඒ මහතා කියා සිටියේය.









