FAST NEWS

24×7 Around the Globe

17 ශිෂ්‍යාවක් දැඩි සත්කාර ඒකකයේදී දූෂණය වෙලා.. (ඡායාරූප)

රෝහල් සේවකයෙකුගෙන් ඉන්දියානු පාසල් ශිෂ්‍යාවක් දූෂණයට ලක්ව ඇති බව පවසමින් කලහකාරි පිරිසක් ඉන්දියානු පොලීසියට ගල්මුල් සහ පොලු වලින් පහර දී තිබේ.

මෙසේ දූෂණයට ලක්ව ඇත්තේ‍ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් වන අතර කන්පූර් නගරයේ ජග්රිති රෝහලට ඇයව පසුගියදා ඇතුළත් කර තිබුණේ සිහිමුර්ජා වීමක් නිසාවෙනි.

පසුව ඇය දැඩි සත්කාර ඒකකයට මාරුකර තිබී ඇති අතර රාත්‍රී කාලයේ රෝහල් සේවකයෙක් පැමිණ තමාගේ ඇඳුම් තෙත් වී ඇති බවත් එය ඉවත් කරන ලෙස පැවසූ බවත් ඇය පවසා තිබේ.

කෙසේ වෙතත් දූෂණයට ලක්වන මොහොතේ තමාට මත්ද්‍ර‍ව්‍ය වැනි දෙයක් ලබා දී තිබුණු බවද ඇය පවසා ඇති අතර පසුව සිද්ධියෙන් කුපිත වූ විශාල පිරිසක් පැමිණ පොලිස් නිළධාරීන්ට පහරදී තිබේ.

බැටන් පොලු රැගත් පොලිස් නිළධාරීන් සංඛ්‍යාවන් කලහකාරි පිරිස සමනය කරන්න උත්සහ ගෙන තිබුණද එය සාර්ථකවී නැති බව සදහන්ය.

ඡායාරූප පහතින්..