FAST NEWS

24×7 Around the Globe

වස පානය කළ පාසල් සිසුවා රෝහලෙනුත් පැනලා..

අනියම් සබදතාවයක් පවත්වාගෙන ගිය පිටිගල ප්‍රදේශයේ 21 හැවිරිදි එක් දරු තරුණ මවක් සහ 17 හැවිරිදි පාසල් සිසුවෙක් වස පානය කිරීම සම්බන්ධ පුවතක් පසුගියදා (21) වාර්තා වුණි.

වස පානය කර රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් දරු තරුණ මව ජීවිතක්ෂයට පත්වූ අතර පොලිසිය ප්‍රකාශ කළේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවා මේ වන විට රෝහලෙන් පැන ගොස් ඇති බවයි.

පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ රෝහලෙන් පැන ගිය අදාල සිසුවා සම්බන්ධයෙන් මේ වන විට තොරතුරක් ලැබී නොමැති බවයි.

මියගිය 21 හැවිරිදි එක් දරු මව යුද හමුදා සෙබලෙකුගේ භාර්යාවක් බව වාර්තා වූ අතර පසුගිය 20 වනදා පස්වරුවේ අදාළ කාන්තාව වස පානය කර මියගිය බව දැනගත් පසු පාසල් සිසුවා ද වස පානය කර තිබේ.

පොලිසිය පැවසුවේ මොවුන් දෙදෙනාගේ අනියම් සම්බන්ධතාවය පිළිබදව කාන්තාවගේ සැමියාට තොරතුරු ආරංචි වීමෙන් අනතුරුව ඔහුට මුහුණ දීමට නොහැකිව ඇය වස පානය කරන්නට ඇති බවයි.

මෙම තරුණ මව හා පාසල් සිසුවා අසල්වාසීන් වන අතර කාන්තාවගේ සැමියා නිවසේ නොමැති අවස්ථාවේ දෙදෙනා අතර අනියම් සබඳතාවක් ඇති වී ඇති බව සඳහන්ය.