FAST NEWS

24×7 Around the Globe

සරත් වීරසේකරගෙන් හුසේන්ට අභියෝගයක්‌..

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන අය හැකිනම් ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් වදින ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදාවලට විරුද්ධව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන්නැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරේදා (21) සවස ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මහතාට අභියෝග කළේය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය 2 වැනි වරටත් ඇමතූ රියර් අද්මිරාල්වරයා එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා සින්ටෝ මහත්මිය ඉදිරිපත් කළ වාර්තාව මුළුමනින්ම බොරුවක්‌ බවට චෝදනා කරනු ලැබිණ.

“දවස්‌ අටක්‌ තුළ ශ්‍රී ලංකාවේ සැරිසරලා ඇය කෙටුම්පත් කළ වාර්තාවේ සාවද්‍ය කරුණු දක්‌වා තිබෙනවා.” යෑයි සරත් වීරසේකර මහතා පැවසීය.

එසේම මෙයට පෙර කිසිවකු හෝ මානව හිමිකම් කවුන්සිලයේදී මානව හිමිකම් කොමසාරිස්‌ට අභියෝග කර නැත.