උසස් පෙළ සිසුවියක් සමග පෙම් සබඳතාවක් පවත්වා ඇගෙන් ස්කයිප් ඔස්සේ නිරුවත් ඡායාරූප, වීඩියෝ ගෙන්වා ගෙන පසුව වෙනත් තරුණියක් විවාහ කරගෙන අනතුරුව සිසුවිය බය කර කාලයක් තිස්සේ නිවසින් මුදල් ගෙන්වා ගත් 23 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ සිටින මෙම සිසුවිය හා තරුණයෙකු පෙම් සබඳතාවක් පවත්වා ඇති අතර එම කාලයේ දී සිසුවියට කියා ඇගේ නිරුවත් පින්තූර හා වීඩියෝ ස්කයිප් තාක්ෂණය ඔස්සේ මෙම පුද්ගලයා ගෙන්වාගෙන තිබේ.
පොලිසියේ දී අනාවරණ වුයේ වරින්වර මෙසේ සිසුවියට නිරුවත් වන්නැයි පවසා ඇය ලවා මෙම වීඩියෝ ගෙන්වා ගෙන ඇති බවයි.
නිවසේ කාමරය තුළ තනි වී නිරුවත් වී ඇති සිසුවිය ස්කයිප් ඔස්සේ එම නිරුවත පෙම්වතාට යොමු කර ඇති බවත් සිසුවිය පොලිසියට සඳහන් කර ඇත .
කලකට පසුව පෙම්වතා වෙනත් තරුණියක් විවාහ කරගෙන ඇති අතර එහිදී පැරණි පෙම්වතිය වූ සිසුවියට යළි කතා කර තමන් සතුව ඇති ඇගේ නිරුවත් වීඩියෝ සමාජ ජාලවලට මුදා හරින බව පවසා මුදල් ඉල්ලා තිබෙන අතර බිය වූ තරුණ සිසුවිය නිවසින් මුදල් සොරකම් කර පැරණි පෙම්වතාට දිගු කලක් තිස්සේ ලබා දී තිබෙන බව වාර්තා විය.
උසස් රැකියාවක් කරන පියාගේ මුදල් විශාල ලෙස විටින් විට නැතිවීම ගැන සැක සිතු මව අවසානයේ සිය දියණිය ඒවා ගන්නාබව සොයාගෙන ඇගෙන් ප්රශ්න කිරීමෙන් අනතුරුව සියල්ල හෙළිව තිබේ.
එසේම තමන්ට රැකියාවක් නොවුයෙන් මෙසේ මුදල් ලබාගත් බව සැකකරු පවසා ඇති අතර ඔහුගේ පරිගණකයේ තිබී සිසුවියගේ නිරුවත් වීඩියෝ පින්තුර රැසක් ද සොයා ගෙන ඇති බව සදහන්ය.









