FAST NEWS

24×7 Around the Globe

ඉතිහාසයේ පළමු වරට ලංකාවේ ශුක්‍රාණු බැංකුවක්..

ඉතිහාසයේ පළමු වරට මෙරට රජයේ රෝහලක ස්‌ථාපිත කරන ලද ශුක්‍රාණු තැන්පත් කිරීමේ හා පිළියෙළ කිරීමේ බැංකුව ඊයේ(22) කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේදී කළුබෝවිලදි විවෘත විය.

මේ මඟින් මදසරු පුද්ගලයන්ට නොමිලේ සේවාවන් ලබාගැනීමට හැකිවීම විශේෂත්වයක් වන අතර මෙම ඒකකය ගොඩනැඟීම සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද සහයෝගය හිමිව තිබේ.

කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි යසවර්ධන මහත්මිය විසින් එම ඒකකය විවෘත කරන ලදි.