FAST NEWS

24×7 Around the Globe

ප්‍රේම සබදතාවයක් තිබු බව කියූ ප්‍රින්ස්ගේ ප්‍රකාශයට නිරෝෂාගෙන් පිළිතුරු..

ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත රෝගාතුර වී මරණයට පත්වීමෙන් පසු ඔහුගේ මරණය හා තනිකඩ ජීවිතය පිළිබද බොහො දෙනෙකුගේ කතාබහට ලක් විය.

2013 වසරේදි පුවත්පතක් හා සුහද කතාබහකට එක්වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත පවසා තිබුනේ ගායන ශිල්පිණි  නිරෝෂා විරාජිනී සමග තමන්ට ප්‍රේම සබදතාවයක් තිබු නමුත් එය බිදි ගිය බවයි.

ප්‍රින්ස් ගේ අකල් වියෝවත් සමග අදාළ පුවත්පත් සාකච්ඡාව පිළිබද බොහො දෙනෙකු කතා බහ කල අතර පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් මේ සම්බන්ධව සෘජුවම ගායිකා නිරෝෂා විරාජිනීගෙන් අසා තිබේ.

එයට පිළිතුරු ලෙස නිරෝෂා විරාජිණි පවසා ඇත්තේ ප්‍රින්ස් තමාගෙ මිතුරෙකු හෝ නොවු බවත් ඔහු සදහන් කළ නිරෝෂා වෙනත් නිරෝෂා කෙනෙකු විය හැකි බවත්ය.

නිරෝෂාගේ සම්පුර්ණ ප්‍රකාශය මෙසේය.

“ඔය කියන්නේ මොකක්ද කියලා මමත් දන්නවා.මටත් අහන්න ලැබුණා. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මගෙයි ඔය කියන පුද්ගලයයි අතර කිසිම සම්බන්ධයක් තිබුනෙ නැහැ. අඩුතරමින් යාළුවෙක් වත් නෙමෙයි. ඔහු ඉතා ජනප්‍රිය කාලේ මම ගායිකාවක් විදිහට අලුත්. නමුත් මම ජනප්‍රිය කාලේ ඔහු ගැන කතාවුණේවත් නැහැ.

කොහොම වුණත් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ගින්නක් නැතිව දුම් එන කාලයක් මේ. මම ඕවාට උත්තර දෙන්නෙ නැහැ. අවශ්‍ය නැහැ. කටකතා හදන අය කුහක ආශාවක් ඉෂ්ට කරගන්නව. නමුත් මම නිහඬව ඉන්නවා. ඇත්ත මොකක්ද කියල මම දන්නවා. මගේ වටාපිටාවෙ අය දන්නවා. ඔය කියල තියෙන්නෙ වෙන නිරෝෂා කෙනෙක් ගැන වෙන්න ඇති කියල තමයි මට කියන්න තියෙන්නෙ”

කෙසේ නමුත් අදාළ පුවත්පත් සාකච්ඡාවේදි ප්‍රින්ස්ගෙන් සෘජුවම අසා තිබුනේ නිරෝෂා විරාජිනි සම්බන්ධයෙන් වන අතර එම පුවත්පතේ මුද්‍රිත උපුටනය පහතින්..